සිරගතව සිටින පාතාල සාමාජිකයන් 556 ක් අධීක්ෂණය කරනවා – මහජන ආරක්ෂක ඇමති

බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් 556 දෙනෙකු අධීක්ෂණය කරමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

ඒ අනුව, පොලීසිය සහ බුද්ධි අංශ විසින් එම අධීක්ෂණ ක්‍රියාවලිය මෙහෙයවන බවයි පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් එම අමාත්‍යවරයා සඳහන් කළේ.

එසේම, මේ වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධකරුවන් විසින් වෙඩි තැබීම් 103 ක් සිදු කර ඇති බවද, ඒවාට සම්බන්ධ වෙඩික්කරුවන් 33 දෙනෙකු ඇතුළු සැකකරුවන් 322 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

2025 වසරේ මේ දක්වා කාලය තුළ T-56 ගිනි අවි 58 ක්, පිස්තෝල 61 ක් ඇතුළු නීති විරෝධී ගිනි අවි 1698 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.