සැප්තැම්බර් මාසයේ අස්වැසුම දීමනාව අද බැංකු ගිණුම්වලට

2025 සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී දීමනාව අද (12) අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

ඒ අනුව, රුපියල් බිලියන 11 කට අධික මුදලක් ප්‍රතිලාභී පවුල් ලක්ෂ 14 ක බැංකු ගිණුම් වෙත බැර කරන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

අස්වැසුම ප්‍රතිලාභීන්ට තමන්ට හිමි අස්වැසුම දීමනාව තම බැංකු ගිණුම මඟින් ලබා ගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.