හැටන් හිදී ත්‍රිරෝද රථයක් සහ මෝටර් රථයක් ගැටී අනතුරක්

හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සහ මෝටර් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් කළ පෙර පාසල් සිසුන් 06 දෙනෙකු සහ ගුරුවරයෙක් තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ත්‍රීරෝද රථයේ ඉදිරිපස රෝදයේ අනාරක්ෂිත ලෙස සවි කර තිබූුණු අමතර කොටසක් මෝටර් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවත්, අනතුරින් ත්‍රීරෝද රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි නෝර්වුඩ් පොලිසිය පවසා සිටියේ.

මෝටර් රථය ධාවනය කළ කාන්තාව නෝර්වුඩ් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රෝහල්ගත කළ 07 දෙනාගෙන් එක් දරුවෙකු හැර අනෙක් 06 දෙනා රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.