ශ්රී ලංකා – ඊශ්රායල පාර්ලිමේන්තු මිත්රත්ව සංගමයක් පිහිටුවීමට උත්සාහ කළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී සුජීව සේනසිංහ විසින් පසුව එය අත් වැරදීමක් බව සඳහන් කර නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, අදාළ ලිපිය ඔහු විසින් ඉල්ලා අස්කර ගෙන ඇති බවත්, එම ලිපිය අවලංගු කරන ලෙස සියලුම පාර්ශ්ව දැනුවත් කර ඇති බවයි සිය Facebook ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ.
සංගමයේ කැඳවුම්කරු ලෙස කටයුතු කරන සුජීව සේනසිංහ මන්ත්රීවරයා, සැප්තැම්බර් 04 වැනිදා පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්රීවරුන්ට මෙම ලිපිය යොමු කර තිබුණු බවයි සඳහන් වන්නේ.
අදාළ ලිපිය හා සටහන පහතින්.