දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රිමාන්ඞ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ලබන 19 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
මහවැලි ඉඩමක ඉදිකර තිබුණු සිය දේශපාලන කාර්යාලයක් අරගලකරුවන් විසින් ගිනි තබා විනාශ කිරීම හේතුව දක්වා, නීතියට පටහැනි ලෙස රුපියල් 8,850,000/- ක මුදලක් වන්දි වශයෙන් ලබා ගැනීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ ‘දූෂණය’ නමැති වරද සිදුකළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.