අල්ලස් ලබා ගැනීමේ චෝදනාවක් මත, අම්පාර කොට්ඨාසයේ, කාර්තිවු පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව, සයින්දමරුදු ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ ආදායම් බලපත්‍රයකට නඩු නොපවරා, යළි ලබා දීමට අදාළව පොලිස් කොස්තාපල්වරයා විසින් අල්ලස් වශයෙන් රුපියල් 10,000 ක මුදලක් අදාළ ව්‍යාපාරිකයාගෙන් ඉල්ලා ඇති බවයි සඳහන් වන්නේ.
එම ව්‍යාපාරිකයාගේ පැමිණිල්ලකට අනුව සැකකරු මෙලෙස කාර්තිවු පොලිස් ස්ථානයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු සමන්තුරේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.