හිටපු කථානායකත් වියත්පුරෙන් ගෙයක් අරන්

දොළවත්ත-තිස්සකුට්ටි ,ප්‍ රසන්න රණතුංග, පියල් නිශාන්ත, ශාන්ත බණ්ඩාර,   ඩී. වීරසිංහ හා අරුන්දිකත් ඒ අතර

මෙර­ටදී  2022 මැයි 09 වැනිදා ඇතිවූ කල­බ­ල­කාරී තත්ත්වය මත නිවාස අහිමි වූ බව සඳ­හන් කර­මින් එව­කට සිටි කථා­නා­ය­ක­ව­රයා ඇතුළු මැති ඇමැ­ති­ව­රුන් 29 දෙනකු ‘විය­ත්පුර’ නිවාස ව්‍යාපෘ­ති‌යෙන් නිවාස ලබා­ගෙන තිබේ.

එලෙස නිවාස ලබා­ගෙන ඇත්තේ එව­කට කථා­නා­යක මහින්ද යාපා අබේ­ව­ර්ධන, ඇමැ­ති­ව­රුන් වන එස්.එම් චන්ද්‍රෙස්න, ප්‍රසන්න රණ­තුංග, ගාමිණි ලොකුගේ මන්ත්‍රී­ව­රුන් වන ප්‍රේම­නාත් සී. දොල­වත්ත, සුමිත් උඩු­කු­ඹුර, සහන් ප්‍රදීප් විතාන, චින්තක මායා­දුන්න, මිලාන් ජය­ති­ලක, අශෝක ප්‍රියන්ත, ලලිත් වර්ණ කුමාර, ජානක තිස්ස­කු­ට්ටි­ආ­රච්චි, අජිත් රාජ­පක්ෂ, බණ්ඩාර හේරත්, එස්.එම්.එම්. මුෂා­රෆ්, කුමා­ර­සිරි රත්නා­යක, පී.ඒ.කේ. අතු­කො­රළ, එස්.ඒ. සේම­සිංහ, කුල­සිං­ගම් දිලී­පන්, නිමල් පිය­තිස්ස, ගාමිණි වලේ­ගොඩ, මොහො­මඩ් මුසා­මිල්, අසංක නව­රත්න,  පියල් නිශාන්ත, ඩී. වීර­සිංහ, ශාන්ත බණ්ඩාර, අරු­න්දික ප්‍රනාන්දු, අලි සබ්‍රි රහීම් සහ සම්පත් අතු­කො­රළ යන හිටපු ඇමැ­ති­ව­රුන් සහ මන්ත්‍රී­ව­රුන් බවට කරුණු අනා­ව­ර­ණය වී ඇත.

2022‑05‑09 දින මෙරට ඇති වූ කල­බ­ල­කාරී තත්ත්වය මත නිවාස අහිමි වූ එවක පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් සඳහා නාග­රික සංව­ර්ධන අධි­කා­රිය මඟින් ඉදි­ක­රන ලද විය­ත්පුර නිවාස සංකී­ර්ණ­යෙන් නිවාස ඒකක 101ක් කුලී පද­නම මත එක් වස­රක කාල­යක් සඳහා ලබා දීමට 2022‑07‑04 දින පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේ දී අනු­මැ­තිය ලබා දී තිබේ.

ඉන් අන­තු­රුව, එම නිවාස සහ­න­දායී ක්‍රම­වේ­ද­යක් යටතේ මිල දී ගැනී­මට ඔවුන්ට අව­ස්ථාව ලබා දෙන ලෙස එම පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් විසින් ඉල්ලීම් ඉදි­රි­පත් කර තිබේ.

ඒ අනුව, රුපි­යල් මිලි­යන 15.5ක අවම වටි­නා­ක­ම­කට සහ රුපි­යල් මිලි­යන 22ක උප­රිම වටි­නා­ක­ම­කට සාමාන්‍ය ජන­තාව වෙත විකු­ණනු ලබන එම නිවාස ඒක­ක­යක්, අවම වටි­නා­කම රුපි­යල් මිලි­යන 13.34ක් ලෙස සහ උප­රිම වටි­නා­කම රුපි­යල් මිලි­යන 18.21ක් ලෙස අඩු කර සහ­න­දායී ක්‍රම­වේ­ද­යක් යටතේ පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වෙත ලබා දීම­ටත්, විකු­ණුම් මිලෙන් 25% මුද­ලක් පළ­මුව අය කර­ගෙන ඉතිරි මුදල වසර 15ක කාල­යක් තුළ වාර්ෂි­කව 10%ක පොලී අනු­පා­ත­යක් යටතේ ඔවු­න්ගෙන් අය කර ගැනී­ම­ටත් 2024-07-15 දින ඇමැති මණ්ඩල අනු­මැ­තිය ලබා දී තිබී ඇත.

එම ක්‍රම­වේ­දය යටතේ නිවාස මිල දී ගැනීම සඳහා හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් 29 දෙනකු 2024‑12‑31 දින වන විට විකු­ණුම් මිලෙන් 25%ක මුද­ලක් තැන්පත් කර තිබේ.

එහෙත්, මෙම සහ­න­දායී ක්‍රම­වේ­දය හේතු­වෙන් නාග­රික සංව­ර්ධන අධි­කා­රි­යට රුපි­යල් මිලි­යන 92.126ක පමණ පාඩු­වක් විඳී­මට සිදු වී ඇති අතර, දරන ලද පිරි­වැය ආව­ර­ණය කර ගැනී­මට නොහැකි වී ඇත.

එබැ­වින්, ඉහත පරිදි අනු­මත කර ඇති සහ­න­දායී ක්‍රම­වේ­දය වහාම ක්‍රියා­ත්මක වන පරිදි අහෝසි කිරී­ම­ටත්, අදාළ පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් 29 දෙනා එකඟ වන්නේ නම්, සාමාන්‍ය මහ­ජ­න­තා­වට එම නිවාස ලබා ගැනීම සඳහා වන ක්‍රම­වේ­දය සහ එම මිල ගණන් යටතේ ඔවුන්ට ද නිවාස මිල දී ගැනී­මට අව­ස්ථාව ලබා දීම­ටත් නාග­රික සංව­ර්ධන, ඉදි­කි­රීම් සහ නිවාස ඇමැ­ති­ව­රයා කැබි­නට් මණ්ඩ­ල­යට යෝජනා කර තිබිණි.