නේපාලයේ ශිෂ්‍ය විරෝධතා අතරතුර එරට බන්ධනාගාරවලින් රැඳවූවන් 13,500කට අධික පිරිසක් පලා ගොස් ඇතැයි එරට පොලීසිය ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බටහිර නේපාලයේ බන්ධනාගාරයක ආරක්ෂක නිලධාරීන් සමඟ ඇතිවූ ගැටුමකදී බාලවයස්කාර රැඳවූවන් පස්දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. විරෝධතා ප්‍රයෝජනයට ගනිමින් පලා ගිය රැඳවූවන් නැවත අත්අඩංගුවට ගැනීම සඳහා යුද හමුදාව දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, නැවත භාර වන ලෙස නිවේදනයක් නිකුත් කර ඇතැයිද වාර්තා වේ.
