බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 8.50 ට කොළඹ කොටුව බලා ධාවනය වූ ‘පොඩි මැණිකේ’ සීඝ්‍රගාමී දුම්රිය පීලි පැනීමකට ලක්වී තිබෙනවා.
ඒ අනුව, පෙරවරු 9.10 ට පමණ හාලි ඇළ දුම්රිය ස්ථානය සහ බදුල්ල අතරදී මෙම පීලි පැනීම සිදුව ඇති බව වාර්තා වෙනවා.
මේ හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා මතුවී ඇති බවයි සඳහන් වන්නේ.