පාර්ලිමේන්තුව අද (11) දිනයේද රැස්වීමට නියමිතයි.
ඒ අනුව, අද උදෑසන 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර, පෙරවරු 9.30 සිට පෙරවරු 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22 හි 01 සිට 06 දක්වා සඳහන් වන පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇති බවයි සඳහන් වන්නේ.
පෙරවරු 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර, පෙරවරු 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.
ඉන්පසුව, පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනි වර කියවීම) සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් පරිපූරක ඇස්තමේන්තු දෙකක් විවාද කර අනුමත කර ගැනීමටද නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.