ගොවියාට කැමති සමාගමකින් පොහොර ලබාගත හැකි වන ලෙස මෙවර පොහොර සහනාධාරය ලබාදීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) පැවසීය.
ඒ සඳහා වන QR කෝඩ් එකක් ගොවියාට ලබාදෙන බවත් ලබන මාසයේ සිටම මෙම නව ක්‍රමවේදය ක්‍රියාවට නංවන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය. වගා සඳහා ලබාදෙන පොහොරවල ප්‍රමිතිය ගැන ගැටලුවක් ගොවීන් අතර තිබෙන බවට දැනුම් දෙමින් සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාචිකව යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
මෙපමණ කාලයක් ලබාදුන් පොහොර සහනාධාරයෙන් පොහොර ලබා ගත හැකි වූයේ පොහොර සංස්ථාවෙන් පමණක් වන අතර නව QR කෝඩ් එක යටතේ ගොවියා කැමති ස්ථානයකින් ප්‍රමිතියකින් යුක්ත පොහොර ලබාගත හැකි බවත් ඇමැතිවරයා පැවසුවේය.
ප්‍රමිතියෙන් යුක්ත පොහොර නොලැබීම සහ නිසි වේලාවට පොහොර නොලැබීම යනාදී කාරණා ගොවියන්ගෙන් ලැබෙන මැසිවිලි බවත් ඒ සඳහා විසඳුමක් මෙම නව ක්‍රමවේදය යටතේ ලැබෙන බවත් ඇමැතිවරයා කීය.
නව ක්‍රමවේදය යටතේ සමාගම් ගණනාවකින් පොහොර ලබාගැනීමට හැකි වන පරිදි සහනාධාරය ලබාදීමට ආණ්ඩුව තීරණය කර ඇති අතර ප්‍රමාදයකින් තොරව පොහොර ලබාදීමට පියවර ගන්නා බව ද ඇමැතිවරයා කීය.