දොළවත්ත-තිස්සකුට්ටි ,ප් රසන්න රණතුංග, පියල් නිශාන්ත, ශාන්ත බණ්ඩාර, ඩී. වීරසිංහ හා අරුන්දිකත් ඒ අතර
මෙරටදී 2022 මැයි 09 වැනිදා ඇතිවූ කලබලකාරී තත්ත්වය මත නිවාස අහිමි වූ බව සඳහන් කරමින් එවකට සිටි කථානායකවරයා ඇතුළු මැති ඇමැතිවරුන් 29 දෙනකු ‘වියත්පුර’ නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ලබාගෙන තිබේ.

එලෙස නිවාස ලබාගෙන ඇත්තේ එවකට කථානායක මහින්ද යාපා අබේවර්ධන, ඇමැතිවරුන් වන එස්.එම් චන්ද්‍රෙස්න, ප්‍රසන්න රණතුංග, ගාමිණි ලොකුගේ මන්ත්‍රීවරුන් වන ප්‍රේමනාත් සී. දොලවත්ත, සුමිත් උඩුකුඹුර, සහන් ප්‍රදීප් විතාන, චින්තක මායාදුන්න, මිලාන් ජයතිලක, අශෝක ප්‍රියන්ත, ලලිත් වර්ණ කුමාර, ජානක තිස්සකුට්ටිආරච්චි, අජිත් රාජපක්ෂ, බණ්ඩාර හේරත්, එස්.එම්.එම්. මුෂාරෆ්, කුමාරසිරි රත්නායක, පී.ඒ.කේ. අතුකොරළ, එස්.ඒ. සේමසිංහ, කුලසිංගම් දිලීපන්, නිමල් පියතිස්ස, ගාමිණි වලේගොඩ, මොහොමඩ් මුසාමිල්, අසංක නවරත්න, පියල් නිශාන්ත, ඩී. වීරසිංහ, ශාන්ත බණ්ඩාර, අරුන්දික ප්‍රනාන්දු, අලි සබ්රි රහීම් සහ සම්පත් අතුකොරළ යන හිටපු ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන් බවට කරුණු අනාවරණය වී ඇත.
2022‑05‑09 දින මෙරට ඇති වූ කලබලකාරී තත්ත්වය මත නිවාස අහිමි වූ එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඉදිකරන ලද වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ඒකක 101ක් කුලී පදනම මත එක් වසරක කාලයක් සඳහා ලබා දීමට 2022‑07‑04 දින පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී තිබේ.
ඉන් අනතුරුව, එම නිවාස සහනදායී ක්‍රමවේදයක් යටතේ මිල දී ගැනීමට ඔවුන්ට අවස්ථාව ලබා දෙන ලෙස එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව, රුපියල් මිලියන 15.5ක අවම වටිනාකමකට සහ රුපියල් මිලියන 22ක උපරිම වටිනාකමකට සාමාන්‍ය ජනතාව වෙත විකුණනු ලබන එම නිවාස ඒකකයක්, අවම වටිනාකම රුපියල් මිලියන 13.34ක් ලෙස සහ උපරිම වටිනාකම රුපියල් මිලියන 18.21ක් ලෙස අඩු කර සහනදායී ක්‍රමවේදයක් යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා දීමටත්, විකුණුම් මිලෙන් 25% මුදලක් පළමුව අය කරගෙන ඉතිරි මුදල වසර 15ක කාලයක් තුළ වාර්ෂිකව 10%ක පොලී අනුපාතයක් යටතේ ඔවුන්ගෙන් අය කර ගැනීමටත් 2024-07-15 දින ඇමැති මණ්ඩල අනුමැතිය ලබා දී තිබී ඇත.
එම ක්‍රමවේදය යටතේ නිවාස මිල දී ගැනීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 29 දෙනකු 2024‑12‑31 දින වන විට විකුණුම් මිලෙන් 25%ක මුදලක් තැන්පත් කර තිබේ.
එහෙත්, මෙම සහනදායී ක්‍රමවේදය හේතුවෙන් නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 92.126ක පමණ පාඩුවක් විඳීමට සිදු වී ඇති අතර, දරන ලද පිරිවැය ආවරණය කර ගැනීමට නොහැකි වී ඇත.
එබැවින්, ඉහත පරිදි අනුමත කර ඇති සහනදායී ක්‍රමවේදය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමටත්, අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 29 දෙනා එකඟ වන්නේ නම්, සාමාන්‍ය මහජනතාවට එම නිවාස ලබා ගැනීම සඳහා වන ක්‍රමවේදය සහ එම මිල ගණන් යටතේ ඔවුන්ට ද නිවාස මිල දී ගැනීමට අවස්ථාව ලබා දීමටත් නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබිණි.