බිමල් රත්නායකගේ ප්‍රකාශයක් නිසා පාර්ලිමේන්තුව යළි උණුසුම් වෙයි

පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වයත් සමඟ බිමල් රත්නායක අමාත්‍යවරයා විසින් සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, බිමල් රත්නායක විසින් “ලපයි සිපයි” යනුවෙන් ප්‍රකාශ කිරීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ වචනය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කර, මන්ත්‍රීවරුන්ගෙන් සමාව ගන්නා ලෙසට නියම කරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් කථානායකවරයා වෙත පවසා තිබෙනවා.