අයිස් මත්ද්‍රව්‍යය නිෂ්පාදනයට ගෙනා ද්‍රව්‍ය සහිත බහාලුම් ගැන රේගු වාර්තාව මේ සතියේ

‘අයිස්’ මත්ද්‍රව්‍යය නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බව කියන ද්‍රව්‍ය සහිත බහාලුම් දෙකක් රේගුවෙන් නිදහස් කළ ආකාරය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේ වාර්තාව මේ සතිය තුළ ලබා දෙන බව රේගු දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, අදාළ පරීක්ෂණ කටයුතු අවසන් අදියරේ පවතින බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා සඳහන් කර සිටියේ.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව, මිද්දෙණිය ප්‍රදේශයේ පිහිටි ඉඩමක තිබී ‘අයිස්’ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බව කියන ද්‍රව්‍ය සහිත බහාලුම් දෙකක් පොලීසිය විසින් පසුගියදා සොයාගෙන තිබුණා.