මහින්ද හෙට නිල නිවසින් පිටවෙයි

හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ හෙට(11)විජේරාම මාවතේ පිහිටි සිය නිල නිවසින් පිටත්ව යාමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවා.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අද(10) පාර්ලිමේන්තුවේදී සම්මත වීමත් සමගම තමන් සිටි නිල නිවසින් පිටත්ව යාමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කළ බව ඵම ප්‍රකාශකයා සදහන් කළා.

ඒ අනුව හෙට දහවල් කොළඹ 07 විජේරාම මාවතේ නිල නිවසින් පිටත්ව යන මහින්ද රාජපක්ෂ හෙට සවස් කාලයේදී තංගල්ල කාල්ටන් නිවසට පැමිණීමට නියමිතයි.

හිටපු ජනාධිපතිවරයා, තංගල්ල කාල්ටන් නිවසට සවස 4.00ට පමණ පැමිණීමට නියමිත අතර එහිදී හිටපු ජනාධිපතිවරයා පිළිගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් උත්සවයක් සංවිධානය කර ඇති බවද වාර්තා වෙනවා