කැමති සමාගමකින් පොහොර ගන්න ගොවීන්ට ඉඩ

ගොවි­යාට කැමති සමා­ග­ම­කින් පොහොර ලබා­ගත හැකි වන ලෙස මෙවර පොහොර සහ­නා­ධා­රය ලබා­දී­මට ආණ්ඩුව තීර­ණය කර ඇතැයි වැවිලි සහ ප්‍රජා යටි­තල පහ­සු­කම් ඇමැති සමන්ත විද්‍යා­රත්න මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (10) පැව­සීය.

ඒ සඳහා වන QR කෝඩ් එකක් ගොවි­යාට ලබා­දෙන බවත් ලබන මාසයේ සිටම මෙම නව ක්‍රම­වේ­දය ක්‍රියා­වට නංවන බවත් ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය. වගා සඳහා ලබා­දෙන පොහො­ර­වල ප්‍රමි­තිය ගැන ගැට­ලු­වක් ගොවීන් අතර තිබෙන බවට දැනුම් දෙමින් සමගි ජන බල­වේ­ගයේ රත්න­පුර දිස්ත්‍රික් මන්ත්‍රී වාචි­කව යොමු කළ ප්‍රශ්න­යට පිළි­තුරු දෙමින් ඇමැ­ති­ව­රයා මේ බව කියා සිටි­යේය.

මෙප­මණ කාල­යක් ලබා­දුන් පොහොර සහ­නා­ධා­ර­යෙන් පොහොර ලබා ගත හැකි වූයේ පොහොර සංස්ථා­වෙන් පම­ණක් වන අතර නව QR කෝඩ් එක යටතේ ගොවියා කැමති ස්ථාන­ය­කින් ප්‍රමි­ති­ය­කින් යුක්ත පොහොර ලබා­ගත හැකි බවත් ඇමැ­ති­ව­රයා පැව­සු­වේය.

ප්‍රමි­ති­යෙන් යුක්ත පොහොර නොලැ­බීම සහ නිසි වේලා­වට පොහොර නොලැ­බීම යනාදී කාරණා ගොවි­ය­න්ගෙන් ලැබෙන මැසි­විලි බවත් ඒ සඳහා විස­ඳු­මක් මෙම නව ක්‍රම­වේ­දය යටතේ ලැබෙන බවත් ඇමැ­ති­ව­රයා කීය.

නව ක්‍රම­වේ­දය යටතේ සමා­ගම් ගණ­නා­ව­කින් පොහොර ලබා­ගැ­නී­මට හැකි වන පරිදි සහ­නා­ධා­රය ලබා­දී­මට ආණ්ඩුව තීර­ණය කර ඇති අතර ප්‍රමා­ද­ය­කින් තොරව පොහොර ලබා­දී­මට පිය­වර ගන්නා බව ද ඇමැ­ති­ව­රයා කීය.