මේ වසරේ ගත වූ මාස 08 ක කාලය තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 212,302 ක් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
ඒ අනුව, විදෙස්ගත වූ පිරිමි ශ්‍රමිකයන් සංඛ්‍යාව 130,252 ක් වන අතර, කාන්තා ශ්‍රමිකයන් 82,050 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බවයි සඳහන් වන්නේ.
එසේම, විදේශ රැකියා කරන ශ්‍රී ලාංකිකයන් විසින් 2025 වසරේ මුල් මාස 08 තුළ ඇමරිකානු ඩොලර් බිලියන 5.11ක ප්‍රේෂණ මෙරටට එවා ඇති බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා.
2025 වසර තුළදී ඇමරිකානු ඩොලර් බිලියන 07ක විදේශීය ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබෙනු ඇති බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.