ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ සිය තීරණය අද (10) කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව එම විශ්වාසභංග යෝජනාව නොගැලපෙන බැවින් සහ එය නිසි පිළිවෙළකට නොමැති වීම හේතුවෙන් තමාට එය පිළිගත නොහැකි බවයි කථානායකවරයා වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.