iPhone 17 එළිදැක්වේ

නවතම iPhone මාදිලි එළිදැක්වීම සිදු කර තිබෙනවා.

ඒ අනුව, iPhone 17, iPhone 17 Air, iPhone 17 Pro, සහ iPhone 17 Pro Max ලෙස මාදිලි කිහිපයක් මෙලෙස හඳුන්වා දී ඇති බවයි සඳහන් වන්නේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇපල් සමාගමේ මූලස්ථානයේදී මෙම නවතම iPhone මාදිලි එළිදැක්වීම සිදු කර තිබෙනවා.

මෙවර නිකුත් කර ඇති iPhone 17 මාදිලියේ Pro සහ Pro Max ජංගම දුරකථනවලට නව පෙනුමකින් යුත් කැමරා බාර් සැලසුමක් හඳුන්වා දී ඇති අතර, A19 Pro චිපයක් සහ වේපර් චේම්බර් සිසිලන පද්ධතියක්ද යොදා තිබෙනවා. එමෙන්ම, මෙගාපික්සල් 24ක ඉදිරිපස කැමරාවකින් සහ මෙගාපික්සල් 48ක පසුපස කැමරාවලින්ද එය සමන්විත වනවා.

සැප්තැම්බර් 12 වැනිදා සිට මෙම දුරකථන ඇණවුම් කිරීමේ හැකියාව පාරිභෝගිකයන්ට ලබා දී ඇති අතර, iPhone 17 එකක් ඩොලර් 799කට, iPhone 17 Air එකක් ඩොලර් 949කට, iPhone 17 Pro එකක් ඩොලර් 1,049කට සහ iPhone 17 Pro Max එකක් ඩොලර් 1,249කට අලෙවි කිරීමට නියමිතයි.

 news images news images news images news images news images news images