නේපාලය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් අත්හිටුවයි

නේපාලයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන්, නේපාලය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, අද උදෑසන 8.35 ට කටුනායක ගුවන් තොටුපළෙන් නේපාලයේ කත්මන්ඩු බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-181 දරණ ගුවන් ගමනද අද පෙරවරුවේ අවලංගු කර ඇති බවයි සඳහන් වන්නේ.

එරට පවතින නොසන්සුන්කාරී තත්ත්වය මත, නේපාලයේ සියලුම අභ්‍යන්තර සහ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වසා දැමීමට එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.