ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත සඳහා කථානායක අත්සන් තබයි

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සඳහා කථානායකවරයා විසින් අද (10) සිය සහතිකය සටහන් කර තිබෙනවා.

අද (10) පාර්ලිමේන්තු විවාදයෙන් අනතුරුව, ‍එම පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150 කින් සම්මත වී තිබුණා.

ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත අද සිට බලාත්මකයි.