අල්ලන්න හොයන සම්පත් මන­ම්පේරි පොලීසි­යට භාර දෙන්න

කුඩු ජාවා­රම සහ පාතා­ලය මර්ද­නය කිරී­මට නාමල් රාජ­පක්ෂ මන්ත්‍රී­ව­රයා හා පොහො­ට්ටුව සැබෑ­ව­ටම කට­යුතු කරන්නේ නම් වහාම කළ යුතුව ඇත්තේ මිද්දෙ­ණියේ අයිස් කන්ටේ­නර් සිද්ධි­යට චෝදනා එල්ල වී ඇති එම එම පක්ෂයේ සාමා­ජික සම්පත් මන­ම්පේරි වහාම පොලීසි­යට භාර­දීම බව අමාත්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැව­සීය. මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් තව­මත් පරී­ක්ෂණ ආරම්භ වූවා පම­ණක් බවත් එම විම­ර්ශ­න­ව­ලට අදා­ළව පොලීසිය විසින් ඉදිරි කට­යුතු සිදු කරනු ඇති බවත් අමා­ත්‍ය­ව­රයා එහිදී සඳ­හන් කළේය. චෝදනා එල්ල වූ වහාම ඔහුගේ පක්ෂ සාමා­ජි­ක­ත්වය අහෝසි කිරීම පම­ණක් ප්‍රමා­ණ­වත් නොවන බවත් මීට පෙර ඔහුට එල්ල වී ඇති චෝදනා පිළි­බ­ඳව නාමල් රාජ­පක්ෂ මන්ත්‍රී­ව­රයා නොදැන සිටීම පුදු­ම­යට කරු­ණක් බවත් ඇමැ­ති­ව­රයා සඳ­හන් කළේය.

එමෙන්ම මීට පෙර පොහො­ට්ටුවේ සාමා­ජි­ක­ත්වය දැරූ දේශ­පා­ල­න­ඥ­යන් දූෂණ චෝද­නා­ව­ලට ලක්ව බන්ධ­නා­ගාර ගතව සිටි­ය­දීත් ඔවු­නගේ පක්ෂ සමා­ජි­ක­ත්වය අහෝසි කර නොමැති බවද අමා­ත්‍ය­ව­රයා පෙන්වා දුන්නේය.

ඊයේ (09) පැවැති කැබි­නට් මාධ්‍ය හමු­වේදී මාධ්‍ය­වේ­දි­යකු නැඟූ ප්‍රශ්න­ය­කට පිළි­තුරු දෙමින් ඒ මහතා මේ බව කීවේය.

නුවන් කොඩි­කාර, මුදිතා දයා­නන්ද