ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත අද (10) විවාදයට ගැනීමට නියමිතයි.
අද පාර්ලිමේන්තුවේදී පෙරවරු 11.30 සිට පස්වරු 3.30 දක්වා එම විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
විවාදයෙන් පසුව, පස්වරු 3.30ට මේ සඳහා වන ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.