කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරනවා.
ප්‍රහාර දියත් කිරීමේ තීරණය අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ බවත්, එය තමන්ගේ නොවන බවත්, ඔහු පවසා තිබෙනවා.
කටාර්හි හමාස් ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය “ඊශ්‍රායලය හෝ අමෙරිකාවේ ඉලක්ක ඉදිරියට ගෙන නොයන” බව ජනපති ට්‍රම්ප් සඳහන් කරනවා.
එමෙන්ම ප්‍රහාරය සිදු වූ ස්ථානය පිළිබඳව තමාට “ඉතා කණගාටුදායක” හැඟීමක් ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
Truth Social සටහනකින් ට්‍රම්ප් කියා සිටියේ, ඊශ්‍රායලය දෝහා අගනුවර හමාස් සංවිධානයට පහර දෙන බව අමෙරිකානු හමුදාව විසින් තමාට දැනුම් දුන් නමුත්, “අවාසනාවකට මෙන්, ප්‍රහාරය නැවැත්වීමට ප්‍රමාද වැඩියි” යනුවෙන්.