මිද්දෙනිය වෙඩි තැබීමකට අදාළ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

මිද්දෙනිය පොලිස් වසමේ සමූහ ගොවිපල තේක්කවත්ත පාර ප්‍රදේශයේදී පසුගිය 2025.06.24  වෙඩිතබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින්  විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

ඒ අනුව විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (08)  එම අපරාධයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු ඇඹිලිපිටිය ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 25 වයසේ පසුවන ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී වෙඩි තැබීමට යොදාගත් උෂි වර්ගයේ ගිනි අවිය, .මි 09 වර්ගයේ පිස්තෝල අවියක් , මි.මි. 09 වර්ගයේ ජීව පතොරොම 53 ක් , විදෙස් රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ පතොරොම් 25 ක් , අංක 45 ලෙස සටහන් ජීව පතොරොම් 04 ක් , ටී 56 වර්ගයේ ජීව පතොරොම් 19 ක් , ටී 56 වර්ගයේ හිස් පතොරොම් ගැබි 02 ක්, අත් විලංගු යුවලක් , හෙරොයින් ග්‍රෑම් 300 මිලිග්‍රෑම් 120 ක් සොයා ගෙන තිබෙයි.

තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.