අයිස් මත්ද්‍රව්‍යවලට අදාළ රසායනික ද්‍රව්‍ය ඇතුළත් බහාලුම් නිදහස් කිරීම ගැන රේගුවෙන් පරීක්ෂණයක්

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය සහිත බහාලුම් (container) දෙකක් රේගුවෙන් නිදහස් කළ ආකාරය සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මෙම කන්ටේනර් පසුගිය ජනවාරි 27 වැනිදා කොළඹ වරායෙන් මුදා හැර ඇති බව පොලීසිය සඳහන් කර තිබුණා.

ඒ අනුව, ජනවාරි 29 වැනිදා ඒවා මිද්දෙණිය ප්‍රදේශයට ගෙනවිත් ඇති බවයි මේ දක්වා සිදු කර ඇති විමර්ශනවලින් හෙළි වී ඇත්තේ.

අදාළ බහාලුම් රේගුවෙන් නිදහස් වීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.