දිවයිනේ ප්‍රදේශ රැසක පවතින වියළි කාලගුණයත් සමග රක්ෂිත ගිනිගැනීම් වාර්තා වීම ඉහල ගොස් තිබෙනවා.
පොළොන්නරුව දිඹුලාගල කන්ද ප්‍රදේශයේ ඊයේ (07) පස්වරුවේ හටගත් ගින්න මේ වනවිට නිවා දමා ඇති බවයි මනම්පිටිය පොලිසිය කියා සිටියේ.
එමෙන්ම, උඩවලව කෝමාරික ප්‍රදේශයේ කදු රක්ෂිතයක ඊයේ රාත්‍රියේ ඇති වූ හදිසි ගින්න මේ වනවිට මැඩ පවත්වා ඇති බව උඩවලව පොලිසිය ප්‍රකාශ කළා.
ගින්න මැඩ පැවැත්වීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්, යුද හමුදා නිලධාරීන්, ආපදා කළමණාකරණ නිලධාරීන් සහ ප්‍රදේශවාසින් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා තිබෙනවා.
එමෙන්ම මාතලේ උකුවෙල රක්ෂිතයක සහ රත්නපුර කෝන්ගස්තැන්න ප්‍රදේශයේ රක්ෂිතයක ගිනිගැනීම් වාර්තා වී ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
මේ අතර උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් කුරුණෑගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පස්වරු 01.00න් පමණ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.