වැල්ලවාය ප්‍රදේශයේදී අනතුරක්

වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ, යාලබෝව ලංගම ඩිපෝව ඉදිරිපිටදී, ලොරි රථයක් සහ මෝටර් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

ඒ අනුව, අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් දෙදෙනෙක් තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ලොරි රථයක දුනු කොලයක් කැඩී යාමත් සමඟ රියැදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවට වාර්තා වන අතර, අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.