එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ පැවති යුද ගැටුම්වලදී සිදුවූ බවට කියැවෙන මානව හිමිකම් උල්ලංඝනයන් විමර්ශනය කිරීම සඳහා යෝජිත ඕනෑම ආකාරයක බාහිර මැදිහත්වීමක් හෝ යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසනවා.
ඒ අනුව, අද (08) පස්වරුවේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60 වැනි සැසිවාරය අමතමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මේ බව සඳහන් කර තිබෙනවා.
මෙහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද වාර්තාවට ප්‍රතිචාර දක්වමින්, ශ්‍රී ලංකාව වගවීමේ ක්‍රියාවලියට කැපවී සිටින්නේ දේශීය යාන්ත්‍රණයක් හරහා පමණක් බවයි අමාත්‍යවරයා සඳහන් කර තිබෙන්නේ.
අදාළ සම්පූර්ණ කතාව පහතින්.