දිගු කලක් තිස්සේ ප්‍රමාද වූ මධ්‍යම අධිවේගී මාර්ගයේ (E04) කඩවත සිට මීරිගම දක්වා වූ පළමු කොටසෙහි ඉදිකිරීම් සඳහා චීන අරමුදල් යළි ලැබීමත් සමඟ, මෙම ව්‍යාපෘතිය සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසයේ දී නැවත ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වෙනවා.
මේ සම්බන්ධයෙන් ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, වැවිලිකරුවන්ගේ සංගමයේ 171 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ ප්‍රධාන දේශනය පවත්වමින් සඳහන් කළා.
එහිදී ඔහු සඳහන් කළේ, මෙම කිලෝමීටර 37ක් දිගැති මාර්ග කොටස ඉදිකිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ආධාර චීනයෙන් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බවයි.
ඉතිරිව ඇති ඉදිකිරීම් ප්‍රමාණය අනුව, බලධාරීන් ඇස්තමේන්තු කර ඇත්තේ ඉදිකිරීම් සම්පූර්ණයෙන් නැවත ආරම්භ කිරීමෙන් පසු වසර දෙකහමාරක් ඇතුළත ව්‍යාපෘතිය අවසන් කිරීමට හැකි වනු ඇති බවයි.