අනතුරුදායක සහ අනවසර වෙනස් කිරීම් සහිතව ධාවනය වන වාහනවලට එරෙහිව රජය හෙට (08) සිට නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය ප්‍රසන්න ගුණසේන පවසනවා.
ඒ අනුව ධාවනයට නුසුදුසු තත්ව් තිබියදී ධාවනය, වර්ණය වෙනස් කිරිම, විවිධ නාද රටා, නිවි නිවි දැල්වෙන විවිධ වර්ණ සහිත අමතර පහන් සවි කර ධාවනය, වාහනවල නලා භාවිතය, මෝටර් වාහන වල ඉදිරි් පිටුපස සහ බඳෙහි පැතිවල චිත්‍ර මොස්තර සහා වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය කිරිම, නීති විරෝධි සවිකිරීමි නිර්මාණ වෙනස් කිරිම යන කරුණු කාරණා සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි ඔහු සඳහන් කරන්නේ.
ඇල්ල-වැල්ලවාය මාර්ගයේ 24 වන සැතපුම් කණුව අසල බ්‍රහස්පතින්දා (04) රාත්‍රියේ සිදු වූ මාරක අනතුරින් පසු මෙලෙස නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.