කැලණිවැලි මාර්ගයේ දුම්රිය පීලි පැනීමක්

කොළඹ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රියක්, පුවක්පිටිය සහ අවිස්සාවේල්ල අතරදී පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

ඒ හේතුවෙන්, කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොස්ගම දක්වා පමණක් සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.