කටුනායක ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ගමන් මලු පථයක් අසල අතහැර දමා තිබූ ගමන් මල්ලක තිබී ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබෙනවා.
ඒ අනුව, මෙම ගමන් මල්ල තුළ කිලෝග්‍රෑම් 20යි ග්‍රෑම් 900ක් ‘කුෂ්’ මත්ද්‍රව්‍ය, පැකට් 19ක් ලෙස සකස් කර සඟවා ගෙනවිත් තිබෙන අතර, එහි වටිනාකම රුපියල් කෝටි 20යි ලක්ෂ 90ක් පමණ වන බවයි සඳහන් වන්නේ.
මෙම ගමන් මල්ලේ හිමිකරු ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක් වන අතර, ඔහු කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.