රාජ්‍ය සේවයට හැට දෙදහසක් ගන්න අනුමැතිය ඇතත් ලක්ෂයක් බඳවා ගන්න වෙයි – ජනපති

රාජ්‍ය සේවය සඳහා හැට දෙදහසක් බඳවාගැනීම වෙනුවෙන් අනුමැතිය ලබා දී ඇතත් ලක්ෂයක් බඳවා ගැනීම වෙනුවෙන් අනුමැතිය ලබාදීමට සිදුවනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

මොණරාගල විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රුසවීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මොණරාගල විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැසවීම ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් අද මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

රාජ්‍ය දේහයම සැලකිය යුතු ප්‍රමාණයකින් බිඳවැටිලා තිබෙන බවත් ඔබතුමාලාගේ වාහන අවුරුදු 20කට 25කට වඩා පරණ ඒවා බැවින් වාහන 2000ක් ගෙනල්ලා රාජ්‍ය සේවයට බෙදලා දෙන්න තීරණය කළ බවද ජනාධිපතිවරයා එහිදී පැවසුවා.