පාසල් පැවැත්වෙන දිනවල උදෑසන 6.30 සිට 7.45 දක්වා සහ උදෑසන 11.30 සිට පස්වරු 2.30 දක්වා කාලය තුළ ඛනිජ ප්‍රවාහන කටයුතු අත්හිටුවීමට පියවර ගත් බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශය සඳහන් කර තිබේ.
එහි අධ්‍යක්ෂ ජනරාල් දීපානී වීරකෝන් මහත්මිය ප්‍රකාශ කළේ මීට සති කිහිපයකට ඉහතදී වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක පාසල් වෑන් රථයක් ගැටී සිදුවූ අනතුරින් පසු පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව ඉහත කී කාලසීමාවන් තුළ ඛනිජ ප්‍රවාහන කටයුතු සිදුකරනු ලබන වාහන මාර්ගයේ ප්‍රමාණවත් පරිදි ඉඩකඩ පවතින ස්ථානවල පමණක් නවතා තැබිය යුතු බවද දීපානී වීරකෝන් මහත්මිය සඳහන් කර සිටියාය.
වැඩිදුරටත් ඇය ප්‍රකාශ කළේ පසුගිය 04 වැනි දින සිට දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හරහා මෙම දැනුවත් කිරීම් සිදුකර ඇති බවයි.