විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජිනීවා බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව, හෙට (08) ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60 වැනි සැසියට සහභාගී වීම සඳහා ඔහු පිටත්ව ගොස් ඇති බව සඳහන්.
මෙම සංචාරය අතරතුර අමාත්‍ය විජිත හේරත් ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රිකයන් කිහිප දෙනෙක් සමඟ ජිනීවා නුවරදී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් Volker Turk සමඟද අමාත්‍ය විජිත හේරත් අතර විශේෂ හමුවක් මෙහිදී පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.