ඇල්ල බස් අනතුරින් දිවි අහිමි වූවන්ට විපක්ෂ නායක සජිත් අවසන් ගෞරව දක්වයි

පසුගියදා ඇල්ල ප්‍රදේශයේදී සිදු වූ දරුණු බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ තංගල්ල ප්‍රදේශයේ පිරිසට අවසන් ගෞරව දැක්වීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (07) එක් වුණා.

එක්දින විනෝද චාරිකාවක් සඳහා ගොස් නැවත සිය නිවෙස් බලා පැමිණෙමින් සිටි බස් රථයක් පසුගිය බ්‍රහස්පතින්දා (04) ඇල්ල වැල්ලවාය මාර්ගයේ 24 කණුව ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළී මෙම අනතුර සිදු වුණා.

අනතුරින් තංගල්ල නගර සභාවේ ලේකම්වරයා, රියදුරු සහ තවත් සේවක සේවිකාවන් කිහිප දෙනෙකුට මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද ජීවිත අහිමි වූ අතර, විපක්ෂ නායකවරයා තංගල්ල නාගරික බල ප්‍රදේශයට සහ කදුරුපොකුණ, අරන්වල, ගැටමාන්න, පල්ලික්කුඩාව, දෙනගම, බෙලිඅත්ත යන ප්‍රදේශවල පිහිටි විපතට පත් නිවෙස්වලට ගොස් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සිය සංවේගය පළ කරනු ලැබුවා.