මෙවර අය වැයෙන් ගුරුවරුන්ගේ දුෂ්කර දීමානාව රුපියල් 15000 දක්වා වැඩි නොකළොත් වෘත්තීය අරගලයක් ආරම්භ කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජොෂප් ස්ටාලින් පවසයි.
හෙතෙම පවසන්නේ ලංකාවේ දැනට දුෂ්කර යැයි හඳුනාගත් පාසල් සංඛ්‍යාවටත් වඩා දුෂ්කර පාසල් සංඛ්‍යාවක් ඇති බවත් එම පාසල්වලට යාමට ගුරුවරුන් මැලි කමක් දක්වන බවත්ය.
ඔවුන්ට එම පාසල්වලට යාමට දැනට ලැබෙන ගුරු දුෂ්කර දීමනාව වන රු.1500ක දීමනාවටත් වඩා වැඩි වියදමක් ඉන්ධන සඳහා වියදම් කිරීමට සිදුවන බවත්, ගුරු දුෂ්කර දීමනාව වැඩි කළහොත් ගුරුවරුන් එම පාසල් කරා යොමුකරවීමට රුකුලක් වනු ඇති බවත් හෙතෙම කියයි.