ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි.
අද (07) දහවල් 12:08ට මිරිස්ස, කඹුරුගමුව, මාතර, දෙවුන්දර, ගන්දර සහ තලල්ල ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.