“සාකච්ඡාවට මොස්කව් ආවොත් සෙලෙන්ස්කිගේ ආරක්ෂාව ගැන 100%ක් වගකියනවා” -පුටින්

යුක්‍රේන ජනාධිපති ව්ලොද්මියර් සෙලෙන්ස්කි සාකච්ඡා සඳහා මොස්කව් වෙත පැමිණෙන්නේ නම් ඔහුගේ ආරක්ෂාව පිළිබඳ 100%ක් වගබලාගන්නා බව රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින් පවසනවා.

නැගෙනහිර ආර්ථික සංසදය අමතමින් ඔහු කියාසිටියේ රුසියා-යුක්‍රේන ගැටුම් අවසන් කිරීමට සාකච්ඡා කිරීමට සුදුසුම තැන මොස්කව් බවයි.

කෙසේවෙතත් මෙම සාකච්ඡා සාම ගිවිසුමකට කවදා හෝ ළඟාවේවිද යන්න පිළිබඳ තමන්ට සැක මතුවන බවයි ඔහු කියාසිටියේ.

වෙනත් රටක සාකච්ඡා පැවැත්වීම පුටින් ප්‍රතික්ෂේප කරනවා. ඔහු පෙන්වා දෙන්නේ රුසියානු අගනගරය වන මොස්කව් ඊට සුදුසු එකම ස්ථානය බවයි.

“මෙම සාකච්ඡාවට ඇත්තේ දේශපාලන වුවමනාවක් වුණත් මට සැකයි නීතිමය සහ තාක්ෂණික ගැටලුවක් තියෙනවාද කියලා” යැයි පවසන පුටින්, යුක්‍රේනයේ භෞමික ගිවිසුම් සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට වන ව්‍යවස්ථානුකූල අවශ්‍යතාව ඉස්මතු කළා.

ඒ අනුව යුද නීතිය යටතේ එවැනි ගිවිසුමකට යාමේ ඇති නොහැකියාව සම්බන්ධයෙන් පුටින් කරුණු පැහැදිලි කර තිබෙනවා.

“මම කියන්නේ ඔව් පුළුවන්. අවසානයේදී සෙලෙන්ස්කි සූදානම් නම් ඔහුට සාකච්ඡාවට මොස්කව් වෙත එන්න ඉඩදෙමු.” චීනයේ පැවති හමුදා පෙළපාලියට සහභාගි වීමෙන් පසුව පුටින් පවසා තිබුණා.

කතාකිරිම යටත්වීමක් නොවන බවයි පුටින් වැඩිදුරටත් අවධාරණය කරන්නේ.