ඩොලරයට සාපේක්ෂව රුපියල 3.2කින් අවප්‍රමාණය වෙයි

වසරේ මේ දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 3.2කින් අවප්‍රමාණ වී ඇති බව මහ බැංකුව ප්‍රකාශ කරනවා.

ඒ, සතිපතා ආර්ථික දත්ත වාර්තාව ඉදිරිපත් කරමින්.

ජූලි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 697.3ක්වූ සේවක ප්‍රේෂණ අගෝස්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 680.8ක් ලෙස සටහන් වනවා.

අගෝස්තු අවසන් වනවිට මෙරට දළ නිල සංචිත දැක්වුණේ ඩොලර් මිලියන 6166ක් ලෙසයි.