මීගමුව, කුට්ටුදූව ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු නිවසකට වෙඩිතබා පලාගොස් තිබෙනවා.
අද අලුයම සිදුවූ මෙම වෙඩිතැබීමෙන් කිසිවෙකුට තුවාල සිදුව නොමැති බව සඳහන්.
පොලිසිය කියා සිටියේ නිවසේ ජනේලයකට වෙඩි තැබීමෙන් හානි සිදුව ඇති බවයි.
මුදල් ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලිසිය සැක කරනවා.