භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් 10 වනදා

රුපියල් මිලියන 77,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මේ මස 10 වනදා පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව දින 91 න් කල් පිරෙන රුපියල් බිලියන 12,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙන්ම, දින 182 න් කල් පිරෙන රුපියල් බිලියන 40,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් ද මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.

එමෙන්ම දින 364 න් කල් පිරෙන රුපියල් බිලියන 25,000 භාණ්ඩාගාර බිල්පත් ද මෙදින වෙන්දේසි කෙරෙනවා.