අලුතෙන් ලියාපදිංචි කර ඇති රථවාහනවලින් වාහන ලක්ෂයකට අධික ප්‍රමාණයකට අංක තහඩු නිකුත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නොහැකිවී ඇති බව වාර්තා වෙනවා.
වාහන අංක තහඩු මුද්‍රණය මාස හයක සිට නැවතීමත් සමඟ ලියාපදිංචි කරන ලද වාහන අතරින් ලක්ෂයකට අධික වාහන ප්‍රමාණයකට අංක තහඩු ලැබී නොමැති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු සඳහන් කරනවා.
මෙම වාහන අතරින් වැඩියෙන්ම ලියාපදිංචි කර ඇත්තේ යතුරුපැදි වන අතර එම ප්‍රමාණය 127745ක්. එසේම මෝටර් රථ 26894ක් ද ත්‍රීරෝද රථ 5809ක් ද ද්විත්ව කාර්ය වාහන 1868 ක් ද ඉඩම් වාහන 2122ක්ද ඇතුළු විවිධ කාණ්ඩ යටතේ වාහන ලියාපංචි කර තිබෙනවා.
එසේම විද්‍යුත් වාහන 25526 ක් ද මෙම කාලය තුල ලියාපදිංචි කර තිබෙනවා. විද්‍යුත් මෝටර් රථ 3222ක් ද වෑන් රථ 5ක් ත්‍රීරෝද රථ 155ක් යතුරු පැදී 22133 මේ අතර වන බවද සඳහන්.
කෙසේ වෙතත් අංක තහඩු මුද්‍රණය නැවතීම මත වාහන අංක තහඩු සකස් කරන ව්‍යාපාරික ස්ථානවල ගාස්තුද අසීමිත ලෙස ඉහළ ගොස් ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙනවා.
අංක තහඩු මුද්‍රණය කිරීමේ කාර්යය ටෙන්ඩර් ක්‍රියාවලියක් මගින් පුද්ගලික සමාගමක් වෙත ලබාදීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තා වෙනවා