අමෙරිකාවෙන් විදේශ සේවකයින්ට දැඩි නීතී

අමෙරිකානු රජය, විදේශ සේවකයින් සඳහා දැඩි නීතී  ක්‍රියාත්මක කරන බව ධවල මන්දිරය පවසයි.

ධවල මන්දිර ප්‍රකාශිකා ඇබිගේල් ජැක්සන් පැවසුවේ, ඕනෑම ව්‍යාපෘතියක් සඳහා අමෙරිකාවට එන විදේශීය සේවකයන් නීත්‍යානුකූලව නිසි අවසරයකින් යුතුව සිය රටට ඇතුළු විය යුතු බවයි.

එම නීති ක්‍රියාත්මක කිරීම දැඩි කෙරුණේපෙරේදා  අමෙරිකාවේ ජෝර්ජියාවේ හුන්ඩායි මෝටර් රථ කම්හලක සිදුකළ දැවැන්ත වැටලීමත් සමගයි.

එහිදී නීති විරෝධී රැකියා සහ සංක්‍රමණ නීති උල්ලංඝණය හේතුවෙන් එහි සිටි කම්කරුවන් 475 ක් පමණ අත්අඩංගුවට ගැනුණි.

ඉන් බොහෝ පිරිසක් දකුණු කොරියානුවන් ය.

එය ඇමරිකාවේ එක් ස්ථානයක සිදු කළ දැවැන්තම වැටලීම් මෙහෙයුම වූ බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය