කොස්මෝදර, ගැටබරු මහා විහාරයේ ඇසළ පෙරහර වෙනුවෙන් අද (06) සහ හෙට (07) දිනවලදී අකුරැස්ස – දෙනියාය ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිසිය පවසනවා.
ඒ අනූව අද සහ හෙට රාත්‍රී 08: 00 සිට මධ්‍යම රාත්‍රී 12: 00 දක්වා මෙම මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති.
මේ අතර කාළය තුළ අකුරැස්ස – දෙනියාය ප්‍රධාන මාර්ගයේ කොස්මෝදර, ගැටබරු මහා විහාරයේ ඇසළ පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතයි.
එබැවින් එම පෙරහර ගමන් ගන්නා කාලය තුල අකුරැස්ස, දෙනියාය ප්‍රධාන මාර්ගය භාවිතා කරන මහජනතාව සහ රියදුරන් පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය දන්වනවා.
එම විකල්ප මාර්ග පහතින්,
- අකුරැස්ස දෙස සිට දෙනියාය දෙසට ගමන් කිරීමේදී ගල්දොල හන්දියෙන් හරවා බෙන්ගමුව මාර්ගය හරහා කොස්මෝදර දෙසට ගමන් කළ හැක.
- දෙනියාය දෙස සිට අකුරැස්ස දෙසට ගමන් කිරීමේදී දියදාව ටී. ආර්. අයි. හන්දියෙන් හරවා කොරව මාර්ගයෙන් කොස්මෝදර මාර්ගයට පැමිණිය හැකියි.