පාරිභෝගික අධිකාරිය සහල් මාෆියාවට ඉගැන්වූ පාඩම

සහල් මාෆියාව මර්දනය කිරීමට සිදුකළ වැටලීම්වලින් රජයට රුපියල් නමකෝටි පනස් ලක්ෂයක ආදායමක් ලැබී ඇති බව පාරිභෝගික අධිකාරිය පවසනවා.

මෙම වැටලීම්වලින් බහුතරය ගම්පහ කොළඹ දිස්ත්‍රික්ක පදනම් කරගෙන ක්‍රියාත්මක කළ බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරන්නේ.

මෙම වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා සිදුකර ඇති සහල් වැටලීම් සංඛ්‍යාව 2,800ක්. ඒ අතුරින් වැටලීම් 915ක් වැඩි මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධ වැටලීම් බවයි පාරිභෝගික අධිකාරිය සඳහන් කරන්නේ. මෙම සහල් වැටලීම්වලට අදාළව අධිකරණ මඟින් රුපියල් මිලියන 95ක දඩ මුදල් පනවා ඇතැයි ද එම අධිකාරිය පවසනවා.

සහල් වැඩි මිලට අලෙවි කිරීම, තොග සඟවීම සිදුකරන වෙළදුන් හඳුනා ගැනීම සදහා දිස්ත්‍රික්ක සියල්ලෙහිම වැටලීම් සහ විමර්ශන අඛණ්ඩව සිදු කෙරෙන බවයි පාරිභෝගික අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.