ඉතිහාසයේ පළමු වරට කාන්තාවන් 4 දෙනෙකුට පොලිසියේ ඩී.අයි.ජී. පත්වීම්

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම වරට එකවර කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ සිට නිලධාරිනියන් සිව් දෙනෙකු කාන්තා නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා උසස් කොට තිබෙනවා.

පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි, පහත නම් සඳහන් නිලධාරිනියන් 2025 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි කාන්තා නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කිරීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව මෙම උසස් වීම් හිමි වී ඇත්තේ පහත නම් සඳහන් නිලධාරිනියන්ටයි.

කා.ජ්‍යෙ.පො.අ. ආර්.ඒ.ඩී. කුමාරි මහත්මිය – ක්ෂේත්‍ර බලකා මූලස්ථානය
කා.ජ්‍යෙ.පො.අ. ඩබ්.ජේ. පද්මිණී මහත්මිය – කළුතර දිසාව
කා.ජ්‍යෙ.පො.අ. එස්.ඒ.ආර්. ජයසුන්දර මහත්මිය – ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන දිසාව
කා.ජ්‍යෙ.පො.අ. ඒ.ජී.එන්.ඩී. සෙනෙවිරත්න මහත්මිය – පර්යේෂණ හා තොරතුරු තාක්ෂණ දිසාව