ඇල්ල-වැල්ලවාය මාර්ගයේ ඊයේ (04) රාත්රියේ සිදුවූ අනතුරට පත් බස් රථය ගොඩ ගැනීමේ මෙහෙයුම් මේ වන විට ආරම්භ වී තිබෙනවා.
ඒ අනුව, යුද හමුදා කණ්ඩායම්වල මැදිහත්වීමෙන් එම මෙහෙයුම ක්රියාත්මක වන බව සඳහන්.
අනතුරට පත් බස් රථය සහ බස් රථයේ ගමන්ගත් මගීන්ගේ බඩුමුට්ටුද ගොඩ ගැනීම සිදු කරන බවයි වාර්තා වන්නේ.
ඊයේ රාත්රී 9.00ට පමණ ඇල්ල පොලිස් වසමේ, ඇල්ල-වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් 23 සහ 24 කණු අතර ප්රදේශයේදී වැල්ලවාය දෙසට ධාවනය වූ බස් රථයක්, ඉදිරියෙන් පැමිණි ජීප් රථයක සහ මාර්ගයේ ආරක්ෂිත යකඩ වැටෙහි ගැටී ප්රපාතයට පෙරළීමෙන් අනතුරක් සිදුවූ අතර, ඉන් 15 දෙනෙක් මියගොස් තිබුණා.