අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණයට අදාළව දිවයින පුරා සිදුකරන විශේෂ මෙහෙයුම යටතේ සැකපිට පුද්ගලයින් 724 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම, 26 දෙනෙකු අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත පුද්ගලයින් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
ඊයේ කළ මෙම මෙහෙයුමට අදාළව බීමත් රියදුරන් 47 දෙනෙකු සහ අපරීක්ෂාකාරී ලෙස රිය පැදවූ පුද්ගලයින් 9 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.